Saturday, February 25, 2012

බුද්ධ පූජාව යාඥා පූජාවක් නොවේ

සියලුම දේව ආගම් වල ප්‍රධාන වන්දනා ක්‍රමය දෙවියන් සතුටු කරන ද්‍රව්‍ය ඇතිව හෝ නැතිව දෙවියන්ට තම බැගෑපත් බව පෙන්වන සහදෙවින්ගේ මහිමය වර්ණනා කරන යාඤා කියමින් පූජාවේ යෙදීමයි. වන්දනා කිරීමයි. බුද්ධ පූජාව මේ දේව වන්දනා වට සමනා වන්දනාවක් නොවේ. බුදුන්වහන්සේ බුද්ධ ශාසනයෙහි ශාස්තෘවරයා මිස එහි ප්‍රධානියා නොවේ. හෘස්තෘවරයා යනු සත්‍ය අසත්‍ය තේරුම් කළ ගුරුවරයා උපදේශකයා මිස ප්‍රධානියා බලධාරියා නොවේ. බුදු දහම තමතමාටත් සත්‍ය පෙන්වා දෙන උප දේශයක් මිස ශාසනයක් අනුශාසනයක් මිස තවත් ආගමක් බුද්ධාගමක් නැත. බුද්ධාගම යන ව්‍යවහාරය පවා ඉතා මෑත කාලිනය. අන්‍යාගම් විසින් නිතර බුදුදහම අනුකරණය කොට ඇති නමුත් බුද්ධාගම යන ව්‍යවහාරයේදි බෞද්ධයන් විසින් අන්‍යාගම් අනුකරණය කොට තිබේ. අපේ රටේ බටහිර රටවල තිබුණු ඇදහිල්ලකට ආගමකට සමාන බෞද්ධ ඇදහිල්ලක් ආගමක් නොතිබුණි. ආගම් යැයි විශේෂන රහිත යෙදුමෙන් ක්‍රිස්තියානිය අදත් සිංහලයන් අතර ප්‍රසිද්ධ අර්ථයයි. ඈත ඉතිහාසයෙහි මෙන්ම මෑත ඉතිහාසයෙහි 1815 උඩරට ගිවිසුමේ පවා සඳහන් වන්නේ බුද්ධ ශාසනයක් මිස බුද්ධාගමක් ගැන නොවේ.

බෞද්ධයන්ගේ බුද්ධ පූජාව දේවවන්දනවාට සමාන බෞද්ධ වන්දනවා ලෙස අන්‍යාගමිකයන් විසින් සැලකිය හැකිය. අන්‍යආගමික වන්දනා වල පරමාර්තය දෙවයින් සිය ස්වාමියා ලෙස සලකා උන්වහන්සේ සතුටු කිරීමෙන් තමාට නොයෙක් වරප්‍රාසාද ඉල්ලා සටීමයි. ප්‍රසිද්ධ යාඥාවල කියවෙන්නේ දෙවියන් සතුටු කොට තමාට ඉල්ලන නෙයෙක් වරප්‍රසාද ගැනයි. මිනිසා පව්කාරය. ඔහුට ජීවත් විමේදි විවිධ වරප්‍රසාද දිය හැක්කේ පරම පරිශුද්ධ දෙවියන් වහන්සේට පමණය. 

බුද්ධ පූජාවේ මෙවැනි පරමාර්තයක් නැත. බුදුන් වහන්සේට විමුක්තිය පමණක් නොව ඉතා සුලු ලෞකික ප්‍රතිලාභයක්වත් තමා වඳින සැදැහැවතුන්ට ලඟාකර දිය නොහැකිය. එවැනි ලෞකික ප්‍රතිලාභයක් බෞද්ධියන් පවා ප්‍රාර්ථනා කරන්නේ බෞද්ධයන් පවා නොවූ දෙවිවරුන්ගෙන්මය. එබැවින් පැහැදිලිවම බුද්ධ පූජාව යාඥාවක් නොවේ.

බුද්ධ පූජාව බුදුන්වහන්සේට කරන උපහාරයකි. ගෞවරවයකි. මේ උපහාරය ගෞරවය සුවඳ මලින් මෙන්ම දන් පළීගැන්වීම ගිලන්පස පිළිගැන්වීම ආදී ද්‍රව්‍ය පූජා මගින් ද සිදු කෙරේ. මේ සියලු පූජාවලින් බුදුන්වහන්සේගේ අනන්ත බුදුගුණය මිස උන්වහන්සේගේ බල අධීකාරයක් මෙනෙහි නොකෙරේ. මලක් පහනක් ඇතිව වුවත් නැතිව වුවත් වන්දනා ගථා ඇතිව වුවත් නැතිව වුවත් මේ බුද්ධ පූජාව අනන්ත බුදුගුණ මෙනෙහි කරන පරිශද්ධ පූජාවකි. ඒ නිසා නිරායසයෙන්ම බුද්ධ පූජාව සිත ගත සහ වචනය තුන්දොරම පිරිසිදු වන සහ පිනවන පින්කමකි.

ක්‍රිස්තියනින්ට සහ කතෝලකියන්ට ඉරුදින දිව්‍ය පූජාව අනිවාර්යය. මුස්ලිම්වරුන්ට දවසකට පස්වරක් දේව වන්දනාවට එනම් පල්ලියට යාමට නියම කර තිබේ. හින්දූහුද දිනපතා කෝවිල් යති. ආගම නිසා අනිවාර්ය වූනියමහක් බුද්ධපුජාවේ නැත. කොපමණ උසස් ලෙස කොතරම් බුද්ධ පූජා මල් පහන් පූජා කළත් ඒවයින් නිවන ලද නොහැකිය.

යාඥා පූජාව දේවගැතියා සහ දෙවියන් අතර බැගෑපත් ගනුදෙනුවකි. ඒ හැර දේවවන්දනාවේදි යාඥා පූජාව නොයෙක් පූජා ද්‍රව්‍ය දෙවියන්ට කැප කරන දෙවියන් සතුටු කරන යාගයකි. ක්‍රිස්තියානි සහ කතෝලික පූජකවරු ද හින්දු පූසාරින්හුද මෙවැනි යාග පූජා පවත්වති. ඈත අතීත වනචාරි යුගයේ මිනිසා සතු වූ තවත් මිනිසුන් හෝ සතුන් බිලිදීමේ අශිලාචාර තිරශ්චීන යාග පූජා අද දුරුවී ඇතත් අප්‍රමාණ යාඤා හෙවත් ස්තුති ගැයීමෙන් දේව ප්‍රසාදය දිනාගැනිමට දේවභක්තිකයෝ අදත් තැත් කරති.

මේ භක්තිමත් දේවගැත්තන්ගේ ඇතැම් ප්‍රාර්ථනා පැතූලේසම ඉටුවේ. ඇතැම් පැතුම් ඉටුනොවේ. ඉටු නොවු පැතුම් පසෙක  තබා ඉටු වූ පැතුම් සිය දෙවියන් ස්තීර කරගැනිමට ඔවුන් යොදාගනී. ඉටු වූ පැතුම්වලින් සිය දෙවියන් ස්තීර කරගනිතොත් සියලු බැතිමතුන්ගේම ඉටවන ඇතැම් පැතම්වලින් සියල දෙවියෝම ස්තීර වෙති. සත්‍ය බවට පත් වෙති. මෙසේ සියලුම දෙවියන් සත්‍ය වෙතොත් එය පිළීගත හැකිද? සත්‍ය එකක්මිස දෙක තුනක් විය හැකිද? සියලුම දෙවියන් සත්‍ය වීමට වඩා විශ්වාස කරන්නාගේ ච්ත බලය විශ්වාසය මෙහි පොදු සාධකය වශයෙන් ගන්නා විට දෙවියන්ගේ හාක්සම් නොව මිනිස් සිතේ හාසක්ම මෙහිදි තේරුම් ගත යුතුයි. කොච්චිකඩේ පල්ලි යන බෞද්ධයනුත් කතරගම යන කතෝලිකයනුත් වැනි හාස්කම්වලින් ආගම් මනින මෝඩ බැතිමතුන්ට මේ යාඥා වන්දනා තමන්ගේ මෝඩ භක්තිය සජිව අංගයෝය.

කිසියම් වශ්වාසයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට ඒ විශ්වාසය මත හාස්කම් කළහැකිය. එහෙත් එම හාස්කම් නිසා ඔහුගේ ආගම් සත්‍යක් නොවේ. හාස්කම් වලින් සත්‍යතීරණය නොවේ. ප්‍රාතිහාර්යය පෑම ගැහැණියක සිය නිරුවත පෙන්නීම වැනි අමන ක්‍රියාවක් බව බුදුන්වහන්සේ වදාළහ. කරුණු තේරුම් ගැනිමේ ප්‍රඥාව හාස්කම්වලට වඩා අපට අවශ්‍ය අනුශාසනව බව උන්වහන්සේ පිළිගත්හ. ප්‍රතිහර්යය ගැනසමාන්‍ය මිනිසුන් දක්වන උනන්දුව ඔවුන්ගේ මෝඩකමේම තවත් අංගයකි

බුද්ධ පූජාවේ වන්දනා ගාථා යාඥාවක් නොවේ වන්දනා ගාථාවල ඇතුළත් වන්නේ බුදුගුණ හා නිවන් පැතීම පමණය. ඒ හැර සදාකාලික ධර්මතා ඇතුළත් ගාථා භාවනවක් වැනිය. එකඟ සිතින් මිහිරි හඬින් ගාථා කියන හෙවත් ගාථා ගයන බෞද්ධයන්ගේ වන්දනවා කිසිසේත්ම අන්‍යාගමික යාඥාවකට සමනා නොවේ. එය ගාථා කියන සැදැහැවතුන්ට මෙන්ම අසන දකනි සැදැහැ තියන්ටද සිත පිණවන පින්කමකි

යුතුකම වගකීම කොට 1 0 කරමි

2 comments:

  1. තෙරුවන් සරණයි
    ඇත්ත.. අද බොහෝ පිරිසක් බුද්ධ පූජාව කරනුයේ යාඥා පූජාවක් ලෙසටය. අත පසුවුනොත් දඩුවම් ලැබෙයි කියන බයෙන්. ඒ වගෙම බුද්ධ පූජාව තියන්නේ සාම්පල් විදිහටයි..දිගටම ලියන්න..

    ReplyDelete