Wednesday, April 11, 2012

1963 නේ කාටුන්

අදටත් ගැලපෙන 1963 රසවාහිණී අගෝස්තු කළාපයේ ඇතුලත්ව තිබුණු කාටුන් කිහිපයක්








Monday, April 9, 2012

අපේ සරණ තිසරණ සරණ

තිසරණ සරණය බෞද්ධයාගේ එකම සරණයයි. දෙවියන් සරණ යාම සියලුම ආගම්වල එකම සරණය වන අතර බුදුන් දහම් සහ සඟුන් යන තෙරුවන් සරණ යාම බුදුදහමේ පරමාර්ථයයි. එහෙත් බුදුන් දහම් සඟුන් නිරවද්‍යතාවයෙන් මිස බලයක් අධිකාරයක් වශයෙන් ප්‍රධනාත්වයෙහිලා නොගැනේ. බුදුන්වහන්සේ ජීවමාන කාලයේ දි උන්වහන්සේගේ ධර්මය පිළිගෙන ශ්‍රවාකත්වය පැතූවන් කලේ තුනුවරන් සරණ යාමය. ඒ නිසා සරණාගමනය බෞද්ධත්වයයි. බුදු දහම දේව විශ්වාසයක් නොවන බැවින් විශ්වසකයන් ලියාපදිංචි කිරිමේ බෞතීස්මයක් අපට නැත. අප කරන්නේ බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නය නිවැරදි බව තේරුම් ගැනීමයි. සරණාගමනය යනු මේනිසා අවබෝධතාවයයි

එහෙත් තෙරුවන් නිවැරදිව බව අවබෝධයෙන් දන්නා සෑබෑ බෞද්ධයන් අප අතර ඉතා ස්වල්පයකි. තෙරුවන් ඉදිරියෙහි අවලංගු වන දෙවියන් බුදුන් හෙවත් තෙරුවනට අමතරව බොහෝ බෞද්ධයන්ගේ වන්දනාවට ප්‍රාත වේ. මෙහිදී තෙරුවන්ගේ නිරවධ්‍යතාව පමණක් නොව යථාර්ථයද වැරදී තිබේ. බුද්ධං සරණං ගච්ඡාමි යැයි බුදුන් සරණ යාමෙන් අප කළ යුත්තේ ඓතිහාසික බුදුන්වහන්සේ අග්‍රස්ථානයෙහි තැබිම පමණක් නෙවෙයි. එසේම දහම් සරණ සහ සඟ සරණ යාමෙන් අප කළ යුත්තේ දේශිත දර්මය සහ අනුගාමික සංඝයා අග්‍රස්ථානයෙහි තැබිම පමණක් නොවේ. බුදුසර‍ණෙහි පිළීබිඹුවන සත්‍යාවබෝධය අපේ පෞද්ගලිකත්වය තුළට ඇතුළත් කිරීමටත් දහම් සරණෙහි පිළිබිඹු වන සත්‍ය ධර්මය එස සථ්‍ය ධර්මය ලෙස පිළිගැනිමටත් සඟ සරණෙහි පිළබිඹු වන ක්‍රියාත්මක ප්‍රතිපත්ති නිර්වණගාමී සැබෑ ප්‍රතිපත්ති ලෙස පිළිගැනිමටත් ඒවා අදටත් යථාර්තයක් ලෙස සාධාරණි කරණය කිරීමත් අපේ සරණා ගමනයෙහි පරමාර්ථ විය යුතුය. පරමාදර්ශයක් මිස වෙනත් පිහිටක් නෙවිය හැකි තිසරණය ස්වයං ස්වාමීත්වයක් අපට හිම කරන බුදුදහමේ නිවැරදි පරමාදර්ශය බව දැන් පැහැදිලිය. සූවිසි මහා ගුණයේන්ම තෙරුවන් සම්භාවනවාට පාත්‍ර වන්නේ මේ නිසාය.


තෙරුවන් සරණ දෙවියන් සරණ මෙන් ලෞකික  සරණයක් නොව අනිවර්යයයෙන්ම සසර දුකින් එතර වීමට අපේක්ෂිත සරණක් නිසා සරණා ගමනයෙහි පරමාර්ථය ආර්යය අෂ්ටාංගික මාර්ගයෙහි නිරිදේශිත ආර්යය ප්‍රතිපදාව පිරීම පමණය. ලෞකික දුක්ඛ දෝමනස්සයන් වලක්වා ලෞකික සැප සම්පත් සෙවීම නොවේ. තෙරුවන් සරණින් ලෞකික සැප සම්පත් අපේක්ෂා කරන්නා බෞද්ධයෙකු විය නොහැකිය. ලෞකික වශයෙන් පමණක් නොව නිර්වාණ මර්ගයෙහිවත් අන්‍යසරණය නොව ආත්මසරණය ස්වයං සරණය උගන්වා වදාළ බුදුන් වහන්සේ තිසරණහෙහි බුද්ධං සරණං යනුවෙන් ප්‍රකාශ කරන්නේ එහි න්‍යයාර්ථය නොව නීතාර්ථය බවත් ඒ අනුව බුද්දධං සරණං යනු චතුර්‍යයය සත්‍යාවබෝධය මිස ශාස්තාවරයාගේ සරණ නොවන බවත් ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි. බුද්දං සරණං යන කර්ම විභක්තිය නොව ශෘස්තෘවරයාගේ සරණ අදහස් වන්නේ නම් බුද්ධස්ස සරණං  යැයි සම්බන්ධ විභක්තිය යෙදිය යුතු බවත් ඒ අනුව ධම්මං සරණං, ධම්මස්ස සරණංද සංඝං සරණං, සංඝස්ස සරණංද විය යුතු බවත් ඔවුහු තර්ක කරති. සරණාගමනයෙහි මේ අර්තකථනය අනුව බුදු සරණනින් චතුර්‍යයය සත්‍යවබෝධයත් දහම් සරණින් මාර්ග ඵල නිවන් සහිත නවලොව්තුරා ධර්මයත් සඟ සරණින් සම්මුති හෝ අෂ්ටර්ය පුද්ගල සංඝයා නොව අෂ්ටර්ය පුද්ගල සංඝර්තනයට අතුළත් වීමත් අදහස් කෙරේ. වෙනත් වචන වලින් කියතොත් තිසරණයෙන් කිසිසේතම් පුද්ගලයන් අපේක්ෂා නොකළ යුතුය. ඒ උතුමන්ගේ උත්තරීය අවබෝධඥානය අපේක්ෂා කළ යුතුය.

භය සන්ත්‍රාසයට පත් මින්ස්සු ගස්ගල් සරණයති. භය සන්ත්‍රායයට පත් මිනිස්සු යකුන් අදහති. භය සන්ත්‍රාසයට පත් මිනිසුන්ම ලෝකය සහ තමන් තමන්ට වඩා බලසම්පන්න වූ දෙවියන් විසින් මවන ලද්දේයැයි සිතා දෙවියන් මවති. මිනිසුන් දෙවියන් මවන්නේ ඉතිහාසය නොදන්නා මෝඩකමටත් සිය ආරක්ෂාව ගැන ඇති  භීතිත් නිසාය. බියට පත් මිනිසුන් ගස් ගල් සරණ ගියත් එයනි වැරදි සරණය නොවන බවත් නිවැරදි සරණය චතුර්‍යයය සත්‍යාවබෝධ කළ ත්‍රිවධරත්නයව බවත් ධම්මපදයෙහි දේහනා කොට තිබේ

බාහුං වේ සරණං යන්ති - පබ්බතානි වනානිච
ආරම රක්ඛ චේත්‍යනි - මනුස්සා භයතජ්ජිතා

නේතං ඛෝ සරණං ඛේමං - නේතං සරණමුත්තමං
නේතං සරණමගම්ම - සබ්බදුක්ඛා පමුච්චිති

දුක්ඛං දුක්ඛසමුප්පපාදං - දුකඛස්සච අතික්කමං
අරිඤ්චටඨගෝකමංමග්ගං - දුක්ඛපස්ම ගාමිණිං

ඒතං ඛෝසරණං ඛේමං - එත්ං සරණමුත්තමං
ඒතං සරමාගම්ම - සබ්බදුක්ඛා පමුච්චිති

භයින් තැති ගත් මිනිස්සු පර්වත වන ආරම සරණයත්. එහෙත් නිවැරදි සරණය මෙය නොවේ දුකද දුක හට ගැනීමද දුක නැති කිරීමද දුක නැති කිරීමේ ආර්යය අෂ්ටාංගික මාර්ගයද නිවැරදි සරණය වන්නේය. ලෞකික භය සන්ත්‍රාසයට වඩා සංසාර දුකෙහි භය සන්ත්‍රාසය අධිකය. අපායෙහි උපනොත් කල්පානන්තර කාලයකින් ගොඩ ගිය නොහැකිය. මිත්‍යදෘෂිටියෙහි වැටුණොත් ඒත් ගැලවීමකත් නැත. මනුෂ්‍යත්වය නොලදහොත් සංසාරය දිර්ඝ වන්නෙමය. කෂ්ණ සම්පත්තිය සහ බුද්ධොත්පාදයක් නොවේ නම් මනුෂ්‍යත්වය ලදත් නිර්වාන මාර්ගය දැන ගැනිමට නොලැබේ මේ බුද්ධෝත්පාද කාලයේ මිත්‍යා දුෂ්ඨිය රජවන ආකාරයයෙන් සද්ධර්මය පරම දුර්ලභ බව ඉතා පැහැදිලය එම පරම දුර්ලභ සද්ධරම්මාවබෝධය යනු බුද්ධ ධම්ම සංඝ යන සරණාගමනයෙන් චතුර්යය සතයවබෝදය ලැබීමයි. බුද්ධත්වයෙන්ද ධර්මත්වයෙන්ද සංඝත්වයෙන්ද පිළබිඹු වන්නේ චතුර්‍යය සත්‍යාවබෝධයයි

යුතුකම වගකීම කොට 1 0 කරමි

Sunday, April 8, 2012

පරණ ඇඩ් | සන්ලයිට් | ලක්ස් | SR | සල් | cow and gate | පාවහන්

ෂර්ලි මැක්ලෙන්ගේ රහස මෙන්න 

පරණ ඇඩ් | සන්ලයිට්  | ලක්ස්  | SR  | සල්  | cow and gate  | පාවහන්