Saturday, February 18, 2012

ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය

ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය බුදුදහමේ කේන්ද්‍රීය සිද්ධාන්තයයි. ප්‍රතීත්‍ය යනු හේතුද සමුත්පන්න යනු ඵලයද කියැවෙන බැවින් ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයයනු හේතු ඵල ධර්මයයි. හේතු ඵල ධර්මය අප වෙසෙන ලෝකය තුළද අපේ ජීවිතය තුළද අපටම නිරික්ෂණය කළ හැකි තරම් සරලය, ලිහිල්ය. බුදුදහම තුළ එය ගැබුරුම ධර්මය වුවත් තමාට  ඉතා සරලවම පෙනේ යැයි අනඳ හිමියන් බුදන්වහන්සේට ප්‍රකාශ කළේ ඒ නිසාය. එහෙත් ප්‍රතීත්‍ය සමුත්පාද යෙහි සරලත්වයම එහි ලැබුරට හේතු වන බවත් විශේෂයෙන් අපේ දුකට හේතු වන්නේ මේ අවිද්‍යවම බවත් බුදුන් වහන්සේ අනඳ හිමියන්ට හෙළි කළහ.

ලෝකයේ ඕනෑම සිදුවිමකට සහවස්තුවකට මුල් වන හේතු රැසකි. ඒ හේතු රැසෙහි ප්‍රතිඵලද රැසකි. හේතු රැස එක් පරාසයකටද ප්‍රතිඵල රැස තව පරාසයකටද බෙදී ඇති සේ අපට පෙනේ. එහෙත් හේතු ඵල අතර සම්බන්ධය මේසාව්‍යක්ත සම්බන්ධයක් වන්නේ නම් නැත. එක් හේතුවක බල පෑම නොහොත්සම්බන්ධය ඊට පෙර අතටමෙන්ම පසු අතටද පමණක් නොව එය වටාම ඇති තවත් හේතුන්ටද මෙන්ම තවත් ප්‍රතිඵල රාශියකට දැලක් මෙන් සම්බන්ධය. වෙනත් වචන වලින් කියහොත් හේතුඵල සම්බන්ධය ජාලමය සංකීර්න සම්බන්ධයකි. කර්මය සහ විපාකය මෙන් ලෝක විෂය තවත් අචින්තෙය්‍ය විෂයක් වශයෙන් බුද්ධ දේශනාවේ මේ කෙරෙන්නේ එහි සංකීර්ණත්වය නිසාය. එසේම ප්‍රතීත්‍ය සමුත්පාද දර්මය පිළබඳ සුප්‍රකට නිර්දේශ පාඨයෙහි දේශිත ධර්ම ඒකකයකන් එකක්වත් හේතු නාම යෙන් මෙන්ම ඵලනාමයෙන්ද දෙයාකරයෙන්ම නොහඳුන්වා අංග නාමයෙන් හඳුන්වා දී ඇත්තේ ඒවා සියල්ලම හේතු පමණක් නොව ප්‍රතිඵලද ප්‍රතිඵල පමණක් නොව හේතුද වශයෙන් ජාලමය සම්බන්ධයක් ඇති නිසාය. එපමණක් නොව මේ අංග මුල් අංගයෙන් පටන් ගෙන අන්තිම අංගයෙන් අවසාන වනවා නොවේ. අන්තිම අංගය මුල් අංගයට චක්‍රීය ලෙස නැවත සම්බන්ධය. ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයසංසාර චක්‍රය ලෙස හැඳින් වෙන්නේ මේ අනුවය. හේතුඵල සම්බන්ධය ජාලමය ස්වරූපයක් ඇති නිසා ප්‍රතිත්‍යය සමුත්පාද නිර්දශ පාඨය ඉදිරිපත් කොට ඇත්තේ චක්‍රීය දාමයක් ලෙසය. එම හේතුඵල දාමයෙන්ද විග්‍රහ වී ඇත්තේ අපේ දුක් සමූහය හට ගැනිම පිළිබඳවය. මේ විග්‍රහය අංග දොළසකි. එනම්
  1. අවිජ්ජා
  2. සංඛාර
  3. විඤ්ඤාණ
  4. නාමරූප
  5. සළායතන
  6. ඵස්ස
  7. වේදනා
  8. තණ්හා
  9. උපාදාන
  10. භව
  11. ජාති
  12. ජරාමරණ

අවිද්‍යෙවන් මෙය ආරම්භ වන්නේ එය බලවත් නිසා මිස මුල් වශයෙන් නොවේ. එසේම එය ජරාමරණයෙන් අවසානවනවා නොවේ. එමෙන්ම මේ දේශනා අඩුවැඩි නොවි අංග දොළෙසෙන්ම පරිමති වනවා නොවේ. අංග දොළෙසට වඩි සහ අඩුවූත් අවිද්‍යාවෙන් මෙන්ම ඊට වෙනස් අංගවලින් ආරම්භ සහ අවසාන වන විවිධ ප්‍රතීත්‍ය සමුත්පාද දේශනා හමුවේ. මෙයින් පැහැදිලි වන්නේ මේ දේශනාවේ පරමාර්ථය අපට බලපාන ධර්මතාවල සංශ්ලේෂනය ව්‍යක්ත කිරිම පමණක් බවය.

අවිද්‍යාමනිසා සංස්කාර උපදී. සංස්කාර නිසා විඤ්ඤාණය උපදී. විඤ්ඤාණය නිසා නාම රූප උපදී. නාමරූප නිසා සළයාතනද උපදී. සළයාතන නිසා ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනවා දැනේ. වේදනවා නිසා තෘෂ්ණාව හට ගනී. තෘෂ්ණවා උපදානයට හේතූ වේ. උපාදානය භවයට හේතු වේ. භවය නිසා ජාතිය වේ. ජාතියනිසා  ජරාමරණ දුක් රැස හට ගනී. අවිද්‍යාෙවන් රැස්වන කර්මය ශක්තිය නිසා උපදින නාමරූප දරන සත්වයා ඇස කණ අදී ඉන්ද්‍රීය වලින් ගන්නා අරමුණුවල බැඳි තෘෂ්ණාවෙන් ක්‍රියාකාරී විමෙන් ජරාමරණ ආදී අසීමත දුක්ඛ දෝමනස්සයන්ට භාජනය වන අයුරු ප්‍රතීත්‍ය සමුත්පාද දේශනාවෙන් හෙළී වේ.

අවිද්‍යා අදී ප්‍රතීත්‍ය සමුත්පාද අංගයන්ගෙන් හේතුඵල සම්බන්ධයෙන් අපට වැදගත් වන්නේ මේ අංගයන්ගේ සාජේක්ෂතාවයයි. අපේ ජීවිතය ගලායන ගංගාවකටද දැල්වෙන පහනකටද ගමන් කරන රථයකටද ධර්මයෙහි සමාන කොට දැක්වේ. ගංගාව දිය දහරා සමූයකින්ද පහන පහන් දැලි සමූහයකින්ද රථය එහි අංග සමූහයකින්ද සංයුක්තය. ගලායාමම ගංගාවය. දැල්වීමම පහනය. සියලු අංගවල සංයුතියම මිස ඉන් පිටස්තරව  රථයක් හෝ ගමනක් නැත. විච්ජින්න පරම්පරා සම්බන්දයකින් ලෝකයේ සියලු සිදුවිම් සහ වස්තූන් ක්‍රියාත්මකය. මේ සත්‍යය අවබෝධ නොවිමෙන් අපේ අවිද්‍යා තෘෂ්ණා සක්‍රීය පවතී.

හේතූ ඵලවාදය නිරවශේෂයෙන්ම විද්‍යාත්මකය. බුදු දහම විද්‍යත්මක යැයි කියන්නේ විද්‍යාෙවන් ඊට සහතික දීමට නොවේ. ශුද්ධ විද්‍යාවල නියමයන් බුදු දහමෙහි අඩංගු වන නිසාද නොවේ. නවීන විද්‍යාෙව් ආකල්පය එලෙසින්ම දහමෙහිද අන්තර්ගත නිසාය. විද්‍යත්මක ආකල්පය නම් හේතුඵල ගවේෂණයයි. නිදහස් චින්තනයෙන් විචාරශීලි ලෙස ඕනෑම ප්‍රස්තුතයක් විමසන නවීන විද්‍යඤ්යෝ පළමුව ඒ පිළිබඳ නිරීක්ෂන රැස්කොට උපකල්පන ගොඩ නගති. ඒ උපකල්පන ඔස්සේ පරික්ෂන වලට බසති. පරික්ෂනවලින් දත්ත රැස් කෙරේ. රැස් කළ දත්ත ඉන්පසු විශ්ලේෂනය කෙරේ. විශ්ලේෂනය කිරිමෙන් ඒවා සුදුසු පරිදි අර්ථ නිරුපණය කළ හැකිය. අර්ථ නිරූපණයෙන් නිගමනයට පැමණිය හැකිය. මෙම විද්‍යාත්මක ක්‍රමය සහ ආකල්පය වනාහී නිදහස් ලෙස සිතීමෙත් විමසීමත් ගරු කරන හේතු ඵලවදී ලෙස ලෝකයත් ජීවිතයත් විග්‍රහ කරන බෞද්ධ විශ්ලේෂන ක්‍රමය සහ සංශ්ලේෂන ක්‍රමයමය.

හේතු ඵල විග්‍රහය අනුව ප්‍රතීත්‍ය සමුත්පාදය මුලු මනින්ම විද්‍යාත්මකය. අප ඉදිරියේ පවතින අපට අවලංග කළ නොහැකි දුක පිළිබදඳ හැබෑ ප්‍රශ්නය විසඳන ප්‍රතීත්‍ය සමුත්පාදය බුදුවරු ඇතත් නැතත් ලෝකයෙහි පවතින ධර්මනියාමයයි. විද්‍යාව ස්භාවධර්මය විවිමරණය කළත් අපේ සැබෑ ප්‍රශ්ණ උද්ගත වන්නේ පරිසරය තුළ නොව සන්තානය තුළය. අප්‍රමාණ ප්‍රශ්න උද්ගත වන්නේ අප්‍රමාණ ප්‍රශ්න පවතින්නේ අපේ සන්තානය තුලය. එබැවින් ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අප පිළිබඳ යථාර්ථයයි.

පටිච්ච සමුප්පාද ධර්මයෙහි ප්‍රතිවාදය හේතු අප්පවච්ය වාදය හෙවත් අධිච්ච සමුත්පාන්න්‍ය වාදයයි. සියල්ල සිදුවන්නේ අහේතු අප්‍රත්‍යතයැයි මෙම මතයෙන් දැක්වේ. නවීන විද්‍යාව පවා අහබු සිදුවිම් පිළිගනි. මේ මතය ආගම් සහ දෘෂ්ටි වාද ගොඩ නැගෙන සහ ගොඩ ගැසෙන තව තීර්ථායතනයකි. බෞද්ධ දර්ශනය අනුව ස්වායක්ත සිදුවිම් හෝ වස්තු නැත සියල්ලම පවතින්නේ සෙසු සිදුවිම් සහ වස්තුවල සහසම්බන්දයෙනි.

අධිච්ච සමුප්පන්න වාදය කෙබඳු වුවත් පටිච්ච සමුප්පන්න ධර්මය මුලුමනින්ම ප්‍රායෝගික ධර්මයකි. බුදුන් වහන්සේ අපට අනුශාසනා කලේ පටිච්ච සමුප්පන්න ලෙස සිතන ලෙසය. පටිච්ච සමුප්පන්න ලෙස ක්‍රියා කරන ලෙසය. ජීවත් වෙන ලෙසය. එසේ නොකර මේ ධර්මය එහි සිරකරුවෙකු වී තර්ක කරමින් කාලය ගෙවතොත් එහි සැබෑ ප්‍රයෝජනය ලැබුවා නොවන්නේය. මෙය පැහැදිලි කිරිමට ගෙන ඇති උපමාව මේ දේශනය තරමටම රසවත්ය. ප්‍රතීත්‍ය සමුත්පාද දර්ශනයෙන්ම යුතුව ක්‍රියා කාරි නොවි ඒ ගැන තර්ක කරමින් කාලය ගෙවන්නා ධර්මය පහුරක් හා සමනා බව නොදනි. හෙතම ගඟෙන් එගොඩ වීමට තිබෙන පහුර කරතබා ගෙන සිටි. පහුර වර්ණනා කරමින් සිටි. ගංගාවෙන් එතෙර නොවන්නේය. එබැවින් බෞද්ධයාගේ චින්තනය ප්‍රතීත්‍ය සමුත්පන්න වින්තනයයි. බෞද්ධයාගේ දර්ශනයප්‍රතීත්‍ය සමුත්පන්න දර්ශනයයි

උපයෝගිතාවෙන් තොර මොන සිද්ධාන්තතය වුවත් එය කොතරම් විශ්ෂට සහ තර්කානුකූල වුවත් මනස්ගාතයකි. එහෙත් ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ඇතුළත් අවිද්‍යා සංස්කාරදී සියලු අංග අපිට අයත් ඒවාය. අපෙන් පිටස්තර ප්‍රතීත්‍ය සමුත්පාදයක් නැත. අප යනු අවිද්‍යා, සංස්කාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස,වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති සහ ජරාමරණ අංග රාශියෙහි ක්‍රියාකරිත්වයයි. නිස්සත්ත, නිජ්ජීව, නිෂ්පුද්ගල සහ නිරාත්ම සංසාරය සනාථ වන්නේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයෙනි. 

යුතුකම වගකීම කොට 1 0 කලෙමි.

No comments:

Post a Comment