Monday, February 13, 2012

කර්ම සංකල්පය

අනාත්මවාදය තරමටම හෝ ඊටත් වඩා වැරදියට අප තේරුම් ගෙන ඇති බෞද්ධ මූලධර්මය නම් කර්මය සහ විපාකය පිළිබඳ බෞද්ධ සංකල්පයයි. ඇත්ත වශයෙන්ම මුලු බුදු දහමම බෞද්ධයන්ට කර්මයයි. මේ ජීවිතයේ බොහෝ ප්‍රතිඵල සහ සිදුවිම් අතීත කර්මයට පවරා වගකීමෙන් නිදහස් වීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. එහෙත් සියල්ල පෙර කර්මයට පැවරීමේ  පුබ්බේකත හේතුවාදය, මිත්‍ය දෘෂ්ටියක් ලෙස බුදුන්වහන්සේ විසින්ම ප්‍රතිකේෂප කරන ලද බව අපට අමතකය.

ප්‍රථමයෙන් වටහා ගත යුත්තේ ලෝකයට බලපන්නේ කර්ම නියමය පමණක් නොවන බවයි. ඍතු නියාමය, බීජ නියමය ධර්මනියාමය සහ චිත්ත නියාමය යන තව නියාම ධර්ම සතරක්ම කර්මය නියාමය සමඟ ලෝකයට බලපායි. ඍතු නියාමය හෙවත් දේශගුණික බලපෑම් වලට අප යටත්ය. අව් වැසි සුළං අපට අවලංගු කළ නොහැකිය. ධර්ම නියාමය හෙවත් ස්වභාව ධර්මයට අප යටත්ය. භූමි ලක්ෂන බූමි කම්පා කාන්තාර ගිනිකඳු අපට අවලංගු කල නොහැකිය. බිජ නියාමය හෙවත් ගහකොළ පලදාවටද අප යටත්ය. කොළ ද්‍රව සහ පිලිද්‍රව අපට අවලංගු කළ නොහැකිය. චිත්ත නියාමය හෙවත් ආශා ප්‍රර්තනා රුචි අරුචිකම් වලට අප යටත්ය. ස්වජන්දතාවය අපට අවලංගු කළ නොහැකිය. සිතුවිලි මතවාද සහ දෘෂ්ටි වාද ජීවිතයට පමණක් නොව මුලු ලොවම කළබන සුලුය. මේවා අතර අපේ ජීවිතයට කර්මය හා විපාකය සෙසු නියාම ධර්ම වලට වැඩියෙන් බලපාන නිසාම එහි ප්‍රධානත්වය සැලකිල්ලට ගැනිමේදි අපේ මුලු ජීවිතයම කර්මයට සහ විපාකයට බරදී අපි නිහඬ වෙමු.

සියල්ල පූර්ව කර්මයෙන් සිදු වේ යැයි කියන විට අපට පූර්ව කර්මයට වඩා බලපාන වර්තමාන කර්මය අමතක වේ. මේ නියතය පිළීගැනිමේදි ස්වඡන්දතාව හෙවත් අපේ අභිමතය නොසලකා හැරිමට සිදුවන නිසා මෙය පිළිගැනිමට අමාරුය. වෙනත් වචනවලින් කියතොත් සියල්ල සිදුවන්නේ පූර්ව කර්මයෙන් නම් සිතාමතා ක්‍රියා කිරීමේ නිදහස අපට අහිමි වේ. අපේ අධිෂ්ඨානය ප්‍රාර්ථනය සහ උත්සාහය නිෂ්ඵල වේ. පුද්ගලයාගේ මෙන්ම සමාජයේ දියුණුවට බුදුදහම නිර්දේශ කරන උට්ඨාන විර්යය නිෂඵල විර්යයක් බවට පත්වේ. උට්ඨාන විර්යය පමණක් නොව අපේ චරිතය සහ අප මෙහෙයවන බුද්ධිය පවා නිෂ්ඵල වේ. අපේ උපත කාලය සහ බුද්ධීය සමඟ අපේ සියලු අනන්‍යතාවම අවලංගුවේ. කර්මයට එහි විපාක අනිවාර්යය නමුත් විවිධාකාර සාධක නිසා කර්මය විපාක සංශෝධනය වන බව පිළීගත යුතුයි. මීට අදාල රසවත් විග්‍රහයක් මෙසේය.....
ලුණු කැටයක් කුඩා දිය බඳුනක දැමුව හොත් එම දිය බඳුන ලුණු රස වෙයි. ජලය ස්වල්ප නිසාය. එහෙත් එම ලුණු කැටයම ගංගා නදියකට දැමුව හොත් ගංඟා ජලය ලුණු රස නොවේ. අපේ කර්ම විපාක අඩුකිරිමට මෙන්ම වැඩි කිරීමට අපේ ක්‍රියාකරිත්වය හේතු වන බව පිළීගත යුතුයි. උත්සාහායට කර්මයත්, කර්මයට උත්සාහයත් අන්‍යෝන්‍ය වශයෙන් බලපවත් වන බව පැහැදිලි වන ඵලූපජීවි සූත්‍රය අනුව පුද්ගලයෝ සතර දෙනෙකි.

  1. කර්මයෙන් නොව උත්සාහයෙන් ජීවත් වන්නා
  2. උත්සාහයෙන් නොව කර්මයෙන් ජීවත් වන්නා
  3. උත්සාහයෙන්ද කර්මයෙන්ද ජීවත් වන්නා
  4. උත්සාහයෙන්ද කර්මයෙන්ද තොරව ජීවත් වන්නා
වචනාර්තයෙන් කර්මය යනු ක්‍රියාවයි. සංකලපය වශයෙන් කර්මය යනු චේතනාත්මක ක්‍රියාවයි. විපාකය වශයෙන් සකාය්‍ය චේතාත්මක ක්‍රියාවයි. සිතුවිල්ලෙන් තොර වූ ක්‍රියා සහ කථා කර්ම නොවන්නා සේම ක්‍රියාවෙන් සහ කථාවෙන් තොරව අංග සම්පූර්ණම විපාක දායක කර්මයක් සිදු වන්නේද නොවේ. මේ අනුව එක් අතකින් අපි අතීත කර්මයන්හි ප්‍රතිඵල වෙමු. තවත් අතකින් අපි සම්පූර්ණයෙන්ම අතීත කර්මයන්ගේම ප්‍රතිඵලයද නොවෙමු. වර්තමානය අතිතයෙහි ප්‍රතිඵලයක් වන්නා සේම අනාගතහෙයි නිර්මාතෘද වන්නේය. එහෙත් හැම විටම වර්තමනාය අතීතයේ හෝ අනාගතයෙහි දර්ශකයක් නොවන්නේය. තවත් ලෙසකින් කියතොත් කර්මයත් විපාකයත් දෙකම තේරුම් ගත හෝ තේරුම් කළ නොහැකි තරම් සංකීර්ණය. අවින්තෙය්‍ය ධර්ම අතරට කර්මය ඇතුළත් වන්නේ ඇයිදැයි දැන් තේරුම් ගැනීමට යා යුතිය.

අද අපේ බෞද්ධයන් වැඩි වශයෙන් පතළ කරන නමුත් එදා ඉන්දියාවේ නිගන්ඨයන් හෙවත් ජෛනයන් විසින් පතළ කරන ලද පුබ්බේකත හේතු වාදය පිළීබඳ තියුණු විවේචනයක් මජ්ජිම නිකායෙහි දේව දහ නම් වූ සූත්‍ර දේශනාවෙහි අඩංගුය. එහිදී බුදන්වහන්සේ නිගන්ඨ ශ්‍රාවකයාන්ගෙන් පුබ්බේකත හේතු වාදය ගැන ප්‍රශ්න කරමින් පෙර කර්මයන්ගේ ප්‍රමාණය හෝ ස්වභාවය නොදැන සියල්ලම පෙර කර්මයට පැවරීම වැරදි බවත් උලක් ඇනුණු මිනිහෙකු එය ඉවතට ගනිද්දී වේදනවා අඩුවි සැපයට පත් වන්නාක් මෙන් නොව උපක්‍රමය තියුණු වත්ම වේදනවා තියුණු වේ නම් පෙර කර්මයෙන්ම  සියල්ල සිදුවේ යන මතය නිගණ්ඨයන්ගේ දුෂ්කර තපස් චර්යාවෙන්ම බිඳ වැටෙන බවත් හෙළි කළහ. යම් හෙයකින් පුබ්බේකත හේතු වාදය නිවැරදි නම් දැන් මෙබඳු දුෂ්කර තපස් චර්යාවෙන් යෙදෙන නිගන්ඨයන් ඒකාන්තයෙන්ම පව්කාරයන් බවත් එසේ නූණත් නිෂ්ඵල ලෙස දුක්විඳ පූර්වකර්මය ගෙවා දැමිමට ඔවුන් දරන ප්‍රයන්තනයක් බවත් දක්වමින් දවිකෝටික අපූරු තර්කයකින් උන්වහන්සේ මේ මතය ඛණ්ඩනය කළහ. පෙර කර්මය සියල්ලට බලපායි නම් අද පව්කම් කර හොත් එයත් ඒ අනුවම වන බවත්, එසේ නම් මෙය කළ යුතුය මෙය නොකළ යුතුය යන කත්තු කම්‍යතා සංඛ්‍යාත ජන්දයක් හෝ ව්‍යායාමයක් ඇති නොවන වත් පැහැදිලි කරන අංගුත්තර නිකායේ තික නිපාතයෙහි සඳහන් තිත්ථායතන සූත්‍රය පුබ්බේකත හේතුවාදය ආගම් හා දෘෂ්ටිවාද හට ගන්වන ආයතනයක් ලෙස තිත්ථායතන ගොඩට හෙළා ඇත. ඒ අනුව නිර්මාණවාදය එක් තිත්ථායතනයකි. පුබ්බේකත හේතුවාදයය තව තිත්ථායතනයකි. අහේතු අප්පඡචය වාදය ඉතිරි තිත්ථායතනයයි. 

කර්මය සහ විපාකය පුද්ගලා සහ සමාජය පිරිහෙළන විශ්වාසයක් බව බටහිර විචාරකයන්ගේ එක් චෝදනාවකි. එහෙත් කර්මවාදය පුබබේකතහේතුවාදයතක් කරගත හොත් මිස එය මේ චෝදනාවට ගොදුරු නොවේ

යුතුකම වගකීම කොටගෙන 0 1 කරමි

No comments:

Post a Comment