Saturday, March 3, 2012

සිදුහත් කුමරු විවාහකයෙකි

සිදුහත් කුමරුන්ගේ උපතත් බුදුන්වහන්සේගේ පරිනිර්වාණයත් අතර සිදුහත් ජීවිතයේ වැදගත් සමාජ අවස්ථාව ඔහුගේ විවාහ මංගලයයි. ඕනෑම මිනිසෙකුගේ උපතත් මරණයත් අතර එළ බෙන වැදගත් උත්සවය විවාහයයි. මවුකුසින් පළමු වරට මෙලොව එළිය දකින මිනිසා දෙවැනි වරට ගැහැණියකගේ කයින් උපත ලබන්නේ විවහයෙන් යැයි ලිංගික විශ්ලේෂකයෝ කියති. අසම්මත ප්‍රේමය හෝ ලිංගිකත්වය වුවත් මේ මතය තුළ ගොනු කළ හැකිය. පුරාණ ක්ෂත්‍රිය වංශිකයන් අතර පැවති සමාන්‍ය කමාචාර වලට අනුව බිසෝවරුන් නවසියයක් සහිත අන්තක්පුරයක්ද ඇතිව යශෝධරා කුමරිය අගමෙහෙසිය කරගත් සිදුහත් කුමරන්ගේ සරණ මංගල්‍යය බුද්ධ චරිත විචාරකයන්ගේ අවධනායට ලක්විය යුතුය. ආමිසය වෙනුවට නිරාමිසයද රාගය වෙනුවට විරාගයද ගරු කළ බුදුන්වහන්සේගේ පෞර්ෂත්වයෙන් පිරුණු රසමුසු ගිහි ජීවිතයේ මතකයන් සූත්‍ර දේශනාවල ඇතුලත් විමට තරම් ප්‍රබල විය. යසෝධරාව හා සිදුහත් කුමරු අතර වූ රමණිය ප්‍රේමය බෞද්ධ සාහිත්‍යය රසවත් කරන අමරණිය ප්‍රේම වෘත්තාන්තයකි. යසෝධරාවගේ පතිභක්තිය සහ අකලංක සිද්ධාර්ථ ප්‍රේමය සිදුහත් චරිතයේ ජීවමානව පවතී. එහෙත් උපත සහ විපත අතර ඔනෑම මිනිසෙකුගේ මෙන් අපිද මේ විවාහයේ සැපත පහසුවෙන් මග හැර ඇත්තෙමු. මිනිසෙකු වශයෙන් දැකිමේදි බුදුන් වහන්සේ විවාහකයෙකු බව අප අමතක නොකළ යුතුය. වෙනත් වචනවලින් කියතොත් බුදුන් වහන්සේ අංග සම්පූර්න මනුෂ්‍යය චරිතයකි. යුග ජීවිතයට ඇතුළත් නොවු තැනැත්තෙකු මිනිසෙකු නොව මිනිස් භාගයක් යැයි කියමනක් අප අතර පවති. ඉන්දියාවේ පුරාණ ක්ෂත්‍රිය සමාජය අනුව බිරිඳ සහ දරුවන් අතහැරයාම වර්තමාන මූල ධර්මවාදින් කියන අනාථ කිරිමක් නොවන නිසා සිදුහත් කුමරු වනාහී කාමභෝගි ජීවිතයේ නුදුටු සංතෘප්තියක් නොමැති සැබෑ විවාහකයෙකි. 

උන්වහන්සේගේ අභීනිෂ්ක්‍රමණය ජීවිතයෙන් පලා යාමකැයි කියන විචාරකයෝ සිටිති. එහෙත් පැවිදි රූපයක් දුටු සත්‍ය යෙහි සේයාව ඔස්සේ ගිය සිද්ධාර්ථ කුමරුන්ට පිටත්වීමට පෙර යසෝදරාව සහ රාහුල නොදැක යාමට නොහැකි විය. මේ ගමන යන්නේ තමාට තමා සමඟ හෝ වෙන කෙනෙකු සමඟ හෝ තිබූ ද්වේෂ සහගත හැඟිමකින් හෝ කලකිරීමකින් නොවේ. සිදුහත් කුමරු තුල තිබුනේ සත්‍ය සෙවිමේ අචල අධිෂ්ඨානයයි. අභිනිෂ්ක්‍රමණය ජීවිතයෙන් පලායාමක් ලෙස දකින විචාරකයෝ සිදුහත් යොවුන් වියේ අවුරුදු දහතුනක් තරම් දිග කාලයක් ගෙවූ රසබර කාමභෝගි ජීවිතය නැතහෝ යුග දිවිය අමතක කරති. කාම රස මදිරාව ගලා ගිය බෝසතුන් ගේ සුකුමාල ජීවිතය පිළිබඳ බුදුන් වහන්සේගේ මතකය මේසේය

මහණෙනි සියුමැලි මම අතිශයින් සුකුමාලය. මාගේ පියාණන්ගේ මාළිගයෙහි රමණිය පොකුණු තුනකි. එකක් නිල් උපුල්ය. එකක් හෙළ පියුම්ය අනික රත් පියුම්ය. මම සියුමැලි නොවූ සළු නොදරමි. මාගේ ජටාව කසී පිළියෙනි. මාගේ කංච්‍රකය කසී පිළීයෙනි. උතුරු සළුව කාසී  පිළියෙනි. සීත උණුසුම් දුහුවිලි සහ පින්න වැලකිම පිණිස මා හට සේසත් එසවේ.

මහණෙනි මට මාළිගා තුනකි. එකක් හේමන්තයටය එකක් ගිම්හානයටය අනික වස්සානයටය. මම වැසි කලට පිරිමින් නැති පඤ්චාංග තූර්ය වාදනයෙන් පිණවනු ලබන්නෙම් මතු මහලින් පහළට නොබසින්නෙමි

සිදුහත්ගේ ගිහි ජීවිතය මොන තරම් සුකුමාර කුමාර ජීවිතයක් දැයි මින් හෙළි වේ. එහෙත් උන්වහන්සේගේ යෞවනය ආස්වාදයෙන් පිරුණා පමණක් නොවේ. ඒ ජීවන ආස්වාදය මල්පල ගන්වමින් හෙතම ආදරණිය පියෙකු බවට පත්වූයේය. පියෙකු බවට පත්විම ගිහිගෙයට බඳින බැම්මක් හෙයින් දරුවා රාහුල නම් විය. කෙසේ වෙතත් දරුවන් ලැබීම යනු විවාය සේම කම් සැප විඳන්නවුන්ට සහ පතනවුන්ට මුලුමනින්ම ජීවිතය අංග සම්පූර්ණ කිරිමකි. දරුවන් ලැබීම  මිස කම්සැප විඳිම විවහයේ ඒකායන පරමාර්ථය ලෙස නොතැකිය යුතුය. විවහායෙන් බෝසතුන් ආදරණිය ස්වාමි පුත්‍ර යෙකු ව්වා සේම දරුවන් ලැබීමෙන් හෙතම ආදරණිය පියෙකු වුයේය. විවාහය බිරිඳ දරුවන් සහ පවුල පිළිබඳ කොතරම් සමාජශිලි චින්තයක් බුදුදහමින් ප්‍රගුණ  කෙරේ දැයි අපේක්ෂා කෙරේදැයි දන්නා කෙනෙකුට උන්වහන්සේ පියෙකු සහ ස්වාමි පුරුෂයෙකු වීම මුලු හදින්ම අගය කළ හැකි චරිත ලක්ෂනයකි.

ලිංගිකත්වය සහ කාමරසය මිනිසුන්ගේ සහජ උත්තේජනයකි. විවාහයේ සමාජ පදනම සහ ලිංගිකත්වය වෙන් කළ නොහැකිය. මේ සන්දර්භය තුළ සිදුහතුන්ගේ විවාහයසහ දරු සම්පත සැබෑ පවුල් ජීවතයක සුසංයෝගයකි. බෝසතුන් ප්‍රේමණිය ස්වාමියෙකි. යසෝදරවා කිකරු පතිනියකි. බුදුන් වහන්සේ කිබුල්වතට වැඩි මුල් දිනයේ ඇගේ ශෝකය දරාගත නොහැකි විය. ඇය බුදුන්ගේ දෙපා අල්ලා ගෙන හඬා වැටුණාය. එදා ප්‍රේමණිය ස්වාමිත්වය නිසාම ඇගේ වේදනාව පළ කිරිමට ඉඩ දෙනු පිණිස උන්වහන්සේ තමන්ම ඇඟේ කාමරයට ගියහ. අභිනිෂ්ක්‍රමණයෙන් පසු ඇය ගෙවූ හුදකලා දුක්බර ජීවිතය සත්තකින්ම යසෝදරාවත ජනකවියා දුටුපරිදිමය

තෙමා වැටේ මගේ සලු පිළි නෙත් පුරවා
අමාරසයක් වැනි හිමි සඳ සිහි වෙනවා
දමා කුමරු වැඩියා මට සිහි වෙනවා
මේවා ඇර ලියෝ ලොව් තුළ ඇද්ද තවා

රුව ඇති පුතුන් වැදුවා මම වැරදීද
රුප ගුණ තේජසයක් මගේ අඩු වුණාවද
ගරුසරු නැතිකමක් මාතින් යෙදුණාද
මරු බිඳ බුදුවෙන්ට සීනෙන් පෙනුණාද?

කාරණාව බුදුවෙනවා ලකුණු දැනේ
නෑර කැටුව  පාවා මම සරණ ගෙනේ
බාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අඳුරුයි අද ස්වාමිනේ

යසෝදරා දේවියගේ අව්‍යාජ ශෝකය මැනවින් ධවනිත කරන යසෝදරාවත කවියා. ඇඟේ විරහ වේදනා හෙළි කළේ එසේය. සිද්ධාර්ථ යසෝදරා යුවලගේ පරිශුද්ධ පරම රමණිය ආදරය සිදුහත් චරිතයේ සොඳුරු කඩයිමක් බව නිසැකය. බෞද්ධ සංස්කෘතිය තුළ අද මේ ප්‍රේමය රැව්පිළිරුව් නගන්නේ සිංහල බෞද්ධ යුවති පතීන් මංගල පෝරුවට නගිද්දී ගයනා කරන අෂ්ටකවලදීය.

යසෝදරාවත කවියාගේ කවි කල්පනා සාහිත්‍ය සංකල්පනා හුදු කල්පිතයක්ම නොවේ. යසෝදරා දේවියගේ සෝසුම් ඒවා ප්‍රතිනිර්මාණයේදි හදවතින් ස්පර්ෂ කළයුතුය. එහිදී ශෘංගාර රසය මෙන්ම කරුණා රසයද උතුරුවමින් සිදුහත් කමරුගේ මුවට නංවා ඇති ප්‍රේමාලාපයක් මේසේය.

පැතුම් බලෙන් දෙන්නා අවේ පේවී
කතුන් හැමට නායක බම්බා දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගිහින් බුදුව එනකන් සිටපන් දේවී

යසෝදරාට සමුදෙද්දී ඇගේ ඇකයේ තුරුලු වී කිරි බොන රාහුල බිළිඳාට අත නොතබා යාමට නොහැකිව බෝසතුන් බලා සිටි අයුරු කවියා දකින්නේ මෙසේය

මැණික් කරබු කටලා කිරි බොන කුමරු
අනිත් දෙයක් දුටුවට මොකටද නිසරු
වෙනස් කමක් සිතුවේ නැත කිසි අයුරු
සිතත් දරා ගෙන නෙත් දෙක කඳුලු පිරු

මෙවැනි කවිවලින් අභිනිෂ්ක්‍රමණයේ උත්ත්‍රාසය රසික හදවතකට කිවයා විසින් නංවනු ලබන්නේ අපූරු ලෙසය.
යසෝදරා සිදුහත් විවාහයේ තව එක් අවස්ථාවකට මෙහිදී අප අවධානය යොමු කළ යුතුය. එනම් විවාහයට එකඟ වීමට නම්ශිල්ප දක්වන ලෙස නෑයන් කළ ඉල්ලීමයි. මේ ඉල්ලීම නිසැකයෙන්ම වැඩිහටියන්ගේ දූරදර්ශි ඉල්ලිමක් වෙතත් එයින් අමන්දානන්දයට පත් වන්නට ඇත්තේ යසෝදරාවන් ප්‍රමුඛ කුමාරිකා වෝය. මේ ශිල්ප දැක්වීමට අයත් වන්නාට ඇත්තේ පසුකාලීන සූසැට කලාවෝය. තරුණයෝ මෙකලද ඕනෑ තරම්ය. මේ අභියෝගය ඉත සිතින් බාරගෙන සියලු ශිල්ප දක්වා සිය පෞරෂයෙන් සියලු නෑයන්ගේත් සියලු කුමාරිකාවන්ගේත් මන නුවන පිණවීමට සිදුහත් බෝසතුන්ට හැකි විය. ගිහි ගෙය හැර යද්දි මෙන්ම ගිහි ගෙට පිවිසෙද්දී මේ ශිල්ප දක්වද්දී ජන්න කාලුදායි ආදී ශාක්‍ය මිත්‍ර යෝ උන්වහන්සේට සහායට සිටින්නට ඇත.



යුතුකම වගකීම කොට 1 0 කරමි

6 comments:

  1. රාහුල කුමාරයගෙ මූන බලපු හැටියෙම නික්මුන එකනම් මටනම් සැක උපදින දෙයක්..සමාරවිට සිදුහත් කුමාරයට හාත්පසින්ම වෙනස් මුහුනක් රාහුලට තිබුන නිසා ගිහිගෙය හැරගියාදත් මන්ද...

    ReplyDelete
    Replies
    1. මේවාට ඉතින් උඹට මොනවත් කියල වැඩක නැහැ.අඩු අද්‍යාපනය හා මන්ද මානසිකත්වය.ආගම් වලට නිගා කරන්න එපා කාල කන්නි.මොනම ආගමකටවත්.

      Delete
    2. @අමිල,
      උඹ දන්ත කුමාරයා හේමමාලි‍ගෙ තන් මිරිකුවයි කියපු එකානෙ.
      දන්ත කුමාරයයයි හෙමමාලි කුමරියයි සහෝදරයො බවවත් දනනෙ නෑ නේද ?
      එහෙම එකෙක් ‍සිදුහත් චරිතය කිළිටි නොකර ඉදියිද ...?

      උඹ පෙබ. 4 ප්‍රොෆයිල් පික්චර් එක සිංහයා බලු කරලා දාලා තිබුණා.
      උඹම උඩ දාන සේනානායකලා නේද ඔය උලව් නිදහස ගත්තෙ...යූ එන් පී කාරයෙක් වුනු පලියටම සීමාවක් නැතුව බලුවැඩ කරන්න එපා. අඩුම ගනනෙ ගම්වල ඉන්න කාලකන්නි යූ එන් පී කාරයන්ට වඩා කන අත්සන ගහන්නවත් උඹ දන්නවනේ..

      Delete
    3. අමිල චතුරංග - ඔබතුමා හරි ආසයි නේද කේන්තිය ඇවිස්සෙන පෝස්ට්/ කමෙන්ට් දාලා ආතල් ගන්න ?

      Delete
  2. මේ පොස්ට් එක දැම්මේ කුමන අරමුනින්ද කියල විතරක් දැනගන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  3. යේසුස් වහන්සේ Mary Magdalene සමග යහන ගත උනු එකේ .... මොහොමඩ් ළදරු අලිෂාව දුෂණය කරපු එකේ ඔව්වත් වැඩ ද ?

    ReplyDelete