Tuesday, February 7, 2012

ප්‍රාතිහාර්ය සහ සත්‍යවබෝධය

මිනිස් මනස කුතුහලයෙන් පිරුණකි. අසාමාන්‍ය සිදු විම්වලින්, අද්භූත සිදුවිම් වලින් අපි වසඟ වෙමු. අසාමාන්‍ය අද්භූත සිදුවීම මත ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ මතවාදයන්ද ඔවුන්ගේ සෙසු විශ්වාසයන් හෙවත් ආගම් ධර්මයන්ද සත්‍ය ලෙස පිළිගැනිමට ඉක්මන් වෙමු ඒ අතර අපේ ආගමට අයිති ප්‍රාතිහාර්යය වලින් අපේ ආගම ස්තීර කර ගනිමු. සෑම ආගමකටම මෙවැනි ප්‍රාතිහර්යය තිබෙන නිසා ආගම් ස්ථිර කිරිම පසෙක තබා ප්‍රාතිහර්යයවල පොදු හේතු සමාලෝචනය කිරිම වඩා වැදගත්ය.

බොහෝ ආගම් භක්තිය විශ්වාසය මත රඳා පවතී. වැඩිවැඩියෙන් ආගමට බරවන්නෝ වැඩි වැඩියෙන් භක්තිවන්ත යෝය. බහතෝරන වියේ සිට දෙමාපියන්ගෙන් සහ අවට සමාජයෙන් ලැබෙන සංස්කෘතික ආභාසය බලවත් බැවින් පසුව කොපමණ බුද්දිය හෝ දැනුම ලැබුවත් ඉන් ලැබෙන ධෛර්යය අනුවසත්‍ය පිළීගැනිමට නොපලබී තම ආගමික මතවාද වලම සිරකාරයන්ව සිටිමට කැමති අපමණ උගතුන් සහ බුද්දිමතුන් දෙස බලනවිට සාමාන්‍ය මිනිසුන්ගේ අචල භක්තිය තව දුරටත් විවේචනය නොකළ යුතුයි.

ප්‍රාතිහර්යය සම්බන්දව මේ විවේචනය බුදුදහමටත් බෞද්ධයන්ටත් සාධාරණය. ප්‍රතිහර්යය පෙන්වා මිනිසුන් මුළා කිරිම  ගැහැණීයක සියනිරුවත පෙන්විමවැනි නිර්ලජ්ජී අමන ක්‍රියාවක් වශයෙන් දේශනා කළ බුදුන් වහන්සේ අපේ ප්‍රඥ්ව පමණක් අගය කරමින් අපේ සත්‍යවබෝදය සඳහා උත්සුක වූ බව අපට අමතකය. බෝධියක රන්දුලු දැම්මෙන් හෝ පිළිම වහන්සේ නමකට දහඩිය දැම්මෙන් හෝ චෛත්‍ය රාජයාගෙන් බුදු රැස්විහිදිමෙන් හෝ බොද්ධයෝ කලබල වෙති. මෙවැනි අසාමාන්‍ය සිදුවිමකින් අසාමාන්‍ය ලෙස උද්වේගයට පත්විම බෞද්ධයන්ගේ පමණක් නොව අන්‍යආගමිකයන්ගේද සුපුරුදු සිරිතකි.

ප්‍රතිහර්යය සැබෑ වූ පමණකින් ඊට සම්බන්ද පුද්ගලයන්ගේ විශ්වස මතවාද හෝ ආගම දහම සත්‍ය බව ඔප්පු නොවේ. බුදුදහම තුල නම් චතුර්ර්‍ය සත්‍ය හෝ පටිච්ච සමුප්පාදය වැනි මූලධර්ම මිස ප්‍රාතිහර්යයවලින් මේ මූල ධර්ම සනාථ කිරිමක් නැත. සර්වබලධාරි දෙවියන් විශ්වාස කරන ආගම්වල පවා ප්‍රාතිහර්ය වලින්  එම දෙවියන් සනාථ නොවේ. අනුගාමිකයාගේ හදවතින් තමාම ආරෝපණයකරන මනෝමූලික දෙවියෙකු හෙවත් නැති දෙවියෙකු සනාථ කරනබොහෝ ප්‍රාතිහර්යය බැතිමතුන්ගේ මනෝලෝකවල සිදුවේ. මේවා අප සියලු දෙනාට පොදු අත්දැකිම් නොවන පෞද්ගලක මනෝ විකාරයෝය. වෙනත් වචන වලින් කියතොත් ප්‍රාතිහර්යය සිදුවිම් වැඩි හරියක් ඒවා සිදු කරන්නන්ගේ අචල විශ්වාසයෙහි ප්‍රතිඵල හෙවත් මිනිස් සිතෙහි හාස්කම්ය.

විජ්ජා කරුවෝ නොයෙකුත් ඇස්බැන්දුම් හෙවත් ප්‍රයෝග මගින් අපට පුදුම හිතෙන හාස්කම්කරති. විජ්ජාකරුවන්ගේ විජ්ජා ප්‍රාතිහර්යය ලෙස අපි නොසලකමු. එහෙත් ආගමික භක්තියකට මුවාවී අවංක ලෙසම තමාද මුලා වී ප්‍රාතිහර්යය පෙන්වා අපද මුළාවන විට එවා දිව්‍යමය හාස්කම් ලෙස නැවත මුළා විමට අපි පුරුදු වි සිටිමු. ශේෂ්ඨ පුද්ගලයන් හෝ ඔවුන්ගේ පූජනීයවස්තූ නිසා පවතින හාස්කම්ද එවා විශ්වස කරන්නන් නිසාම පැවතිය හැක. බෝධියෙහි අනුහස් හෝ ධාතූන් වහන්සේලාගේ අනුහස් එවා අපේක්ෂා කරන්නන් නිසාම මිස ඒවායෙහි නිසර්ග බලයක් විය නොහැකිය. සියලුම පූජනිය සහ වන්දනීය වස්තුවල උපහරාත්මක අගයක් මිස ප්‍රාතිහර්යය අගයක් දැකිම, ඒවාට නිසි උපහාරය වෙනුවට ඒවයින් සිය ආත්මාර්ථය පිළිබිබු කිරීමකි. පූජනිය වස්තු වල සිදු වන සත්‍ය ප්‍රාතිහර්යකින් හෝ එය අයත් ආගම ධර්මය සත්‍ය බව ඔප්පු නොවේ. අප අවට පවතින අපට නොපෙනෙන බලවේග සහ අපේක්ෂා අපේ බුද්ධියට පවා තේරුම් ගත නොහැකිය. තමා ලෝකයේ මැවුම්කරු ලෙස අවංකව සිතන දෙවි බබුන් පවා ලෝකයෙහි සිටින බව බුද්ධ දේශනාවයි. පූජනිය වස්තු වල සිදුවිය හැකි විපත් සර්වකාලීන අනිත්‍ය ධර්මතාවය එකඟය. පූජනීය වස්තුවල හෝ ස්ථානවල විපත් අවලංගු කිරිම ධර්මයට පටහැනිය. අටලෝ දහම නම්වූ සත්‍යය ප්‍රාතිහර්යය වලින්වෙනස් නොවේ. කොපමණ යාඥ් කළත් කොපමණ බරහාර වුවත් දුඛ්‍ය සත්‍යය අවලංගු කළ නොහැකිය.

ලෙඩ රෝග සුව කිරිම, ස්බාවික උවදුරු දුරලීම, සතුරු උවදුරු නැති කිරිම. වස්තු සම්පත් දියුණු කිරිම ආදිය සඳහා අද ආගම ආත්මාර්ථකාමි ලෙස යොදා ගැනේ. සර්ව බලධාරි දේවියන් අදහන ආගමක් මෙලෙස ආත්මාර්තකාමි ලෙසයොදා ගත හැකි වුවත් සත්‍යාව බෝධය අරමුණු කරගත් නුවණින් ප්‍රතිපත්ති පිරිමෙන් ඇති ආගමක් පවා ප්‍රාතිහර්යය ආකල්පයෙන් පරිහානියට පත්විය හැකිය. ආගමෙන් අපේක්ෂිත අධ්‍යාත්මික පාරිශුද්ධිය වෙනුවට දුකට හේතුව වන තෘෂ්ණාවම හබා යමින් බුදුගුණ බලයෙන් නොවේ නම් බෝධීන් වහන්සේ සහ ඊට අරක් ගත් දෙවියන්ගේ බලයෙන් හෝ වාදන පුජා සහ පරිත්‍රාණ ධර්ම බලයෙන් ලෞකික සැප වර්ධනය සඳහා ජප කරන මන්ත්‍රයක් මෙන් වැරදියට බුදු දහම අප අතරට භාවිත වේ.  පන්සිල් රැකීම වෙනුවට අප අතර ඉතිරිව ඇත්තේ පන්සිල් සමාදානන් වීමය. භාවනවා වෙනුවට ඉතිරිව ඇත්තේ භාවනා මධ්‍යස්තාන සහ භාවනා කිරිමේ ව්‍යාපාරයෝය. ඉන්ද්‍රය දමනය වෙනුවට ඉතිරිව ඇත්තේ නොයෙකුත් විසූපදස්සනයෝය. ඒ හැර මුලු සමාජයම අපරාධවලින් සහ පාපයෙන් පිරි ඇත. කිසිම ප්‍රාතිහාර කරුවෙකුට මේ සමාජය පිරිසිදු කලනොහැකිය. මේ අපරාධ මේ වැරදි පෙන්වා දෙන මිනිසුන්ට හිතවත් අනුශසකයයෙකුට පමණක් මේ වැරදි නිවැරදි කළ හැකිය. එම ප්‍රතිහර්යයෙහි ප්‍රතිඵල ඉතා සුලු විය හැකිය. ප්‍රතිඵලය ඉතා සුලු වුවත් එදත් අදත් කවදත් කළ යුතු සහ කළ හැකි එකම සහ මහාම ප්‍රාතිහර්යය වනාහි මේ අනුශාසනා ප්‍රාතිහර්යයයි. භික්ෂුන් වහන්සේගේ සිලවත් කම සඳහා උත්තම මනුස්ස ධර්ම ප්‍රදර්ශනය තහනම් කළ  බුදුන් වහන්සේ මිනිසුන්ට මග නොමග කියා දිමෙන් සත්‍යාවබෝධය සඳහා ඔවුන්ට අනුශාසනා කිරිමේ වටිනා ප්‍රාතිහර්යයෙන් පමණක් ඔවුන් වසඟ කරගන්නා ලෙස දේශනා කළහ.

යුතුකම වගකීම කොටගෙන 0 1 කරමි

2 comments:

  1. ඔබේ ව්‍යායාමය අගයමි.
    දිගටම ලියන්න

    ReplyDelete
  2. අපූරු ලිපියක්!
    අපේ මිනිස්සු මේවා කවදා තේරුම්ගනීද?

    ReplyDelete