Thursday, March 29, 2012

බුද්ධ කාලයේ බුදුසමය පැතිර තිබුණේ භාරතයේ ඉතා සීමිත ප්‍රදේශයකය

ගංඟා නම් ගඟ ට දකුණු දෙසින්ද බෙංගාලයට බටහිර දිගින්ද පිහිටි දකුණු බිහාරය බුදුසමයේ ජන්ම භූමීය වශයෙන් හැඳින්විය හැක. ඒ වනාහී මගධ ජනපදය යනුවෙන් ප්‍රකට වුණු මගධ රාජ්‍යයයි. එනම් ගංඟා සොන් යන ගංඟාවන්ගේ සන්ධිස්තානයේ සිට නැගෙනහිර දෙසට සැතැප්ම පහළොවක් පමණ දුරින් පිහිටි පෙර චම්පා නමින් හැඳින්වුණු භගල් පුරය දක්වා විහිදී ගිය ප්‍ර දේශය වෙයි. මින් සැතපුම් හතලිහක් පමණ දකුණු දෙසින් රජගහ නුවරද එයිනුත් නිරිත දිගින් සැපතපුම් තිහක් පමණ ඔබ්බේ බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබූ ගයාවද එයිනුත් දකුණු දෙසින් දක්ෂණ ගිරි පර්වතයද විය.

බුද්ධකාලයේදි බුදුසමය පැතුරුණු ප්‍රදේශ ගැන සලකා බැලීමේදි එහි ජන්ම භූමයවූ මගධ ප්‍රදේශය කෙන්ද්‍රස්ථානයක් වශයෙන් අපට ඉතා ප්‍රයෝජනවත්ය. මගධයට නැගෙනහිරින් අංග ජනපදයද, එහිම ගංඟා නදියට අතුරු දෙසින් වජ්ජි ජනපදයද, මීටත් උතුරින් මල්ල ජනපදයද, කෝලියන්ගේ පාලන ප්‍ර දේශයද පිහිටා තිබුණු අතර මේ ජනපදවලට බටහිර දිගින් ගංඟා නදිය හා හිමාලය කඳුවැටි අතර බුද්ධකාලයේදි වඩාවැදගත්වූ කෝසල ජනපදය පිහිටා තිබුණි.  කෝසල ආධිපත්‍යය පිළිගත් පාලන ප්‍රදේශය පෙනෙන දකුණීන් පිහිටි කාසි ජනපදය හා උතුරින් හිමාලය කඳු පාමුල පිහිට ශාක්‍ය ජනපදය කෝසලයට ආසන්නව පිහිටි ප්‍ර දේශයන් විය. කාසියෙන් ඇරඹුණු බුදුන්වහන්සේගේ මුල් ධර්ම ප්‍රචාකර කටයුතු විහිදුණේ මගධය වටා පිහිටි මේ පෙදෙස් වලය. නිකාය ග්‍රන්ථවල එන තොරතුරු අනුවමේ බව ඉතා පැහැදිලිය. මීට වැඩිමනක් වූ විශාල ප්‍රදේශක් බුදුන්ගේ ධර්ම ප්‍රචාරක ව්‍යාපරයට කේෂත්‍රවූ බවට නිකාය ග්‍රන්ථවලින් සාදක සොයාගත නොහැක. මේ අනුව බුදුසමයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් පලමුව සලකා බැලිය යුත්තේ මගධ හා කෝසල ජනපද දෙක ගැනය. බුදුන් වහන්සේගේ ජිවීත කාලයෙන් ඉතා වැඩි කොටසක් ගත වූයේත් උන්වහන්සේගේ ජීවිත පිළිබඳ වැදගත් සිද්ධි සියල්ලම වාගේ සිදු වූයෙත් මේ ජනපද දෙකේ දීය.

මගධයේ බුදුන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක ස්ථාන වශයෙන් කැපී පෙනෙන ප්‍ර දේශ කිහිපයක් ඇත. මේවායින් රජගහ නුවර , ගයා , උරුවේල ආදියද නාලන්දා, පාඨලිපුත්‍ර, දක්ෂිණගිරි, අන්ධකවින්ද සහ කල්ල වාලමුත්තගාමයද වඩා සැලකිය යුතුය. රජගහනුවර නොයෙක් ආගමික ශාස්තෘවර්න්ගේ හා විමුකතිකාමින්ගේ මධ්‍යස්තානයක් වූවා පමණක් නොව නොයෙක් දර්ශනික ගැටලු අරබයා විවිධ මතාන්තර ප්‍රචාරය කළ ස්ථානයක්ද විය. මෙය වෙළද මාර්ග කිහිපයක් එක්වන ස්ථානයක පිහිටා තිබීම මේ තත්වයද ඇතිවීමෙහිලා තුඩු දුන්නේය. බුදුන් වහන්සේගේ මුල් දේශනා බොහොමයක්ද, කෙරුණේ නව අදහස් ප්‍රචාරය කිරීමට ඉතා වැදගත් තැනක් වූ මේ රජගහනුවරදීය. එහි වැදගත් කම බුදුන්ද වටහා ගත්තා නිසැකය. රජගහනුවරටම පිහිටි ගිජ්ජකූට පර්වතය බුදුන් ඉතා ප්‍රියකළ රමණිය කඳු ගැටයකි. බුද්ධත්වයෙන් පළමු දසවස තුළ දී වරින්වර උන්වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන කස්සප අනුරුද්ධ තෙරන්වහන්සේලා සමඟ ගිජ්ජකූටයෙහි වාසය කළහ.  චොරපපාත ඉසිගිලිපස්ස කාලසිලා වේභාරපසේස සත්මපණ්ණීගුහා සිතාවනේසප්ප ඝොණ්ඩිකාරමය ගොමතකන්දර තින්දුකාරමය තපොදකන්දර තපොරාම ඉන්ද්‍රසාලගුහා පිප්ඵලී ගුහා අදී වශයෙන් බෞද්ධ භික්ෂුන්ට වාසභූමි වූ ආරම පන්ති රාශියක්ද රජගහනුවර පිහිටා තිබුණි. මේවා හැරෙන්නට වේලුවනය මද්දකුච්ඡමිගදාය ජීවකමබවනය ප්‍රධාන බෞද්ද ආශ්‍රමයන්වූ ස්තාන තුනකි. මේවැනි මූලස්ථාන නිසා බුදු සමය මගධයේ ඉතා සිග්‍ර ලෙස ව්‍යාප්ත වි ගියේය. ජෛනයන්ගේ බලකොටවුක්වූ නාලන්දාවත් සුප්‍රකට ජෛන අනුගාමිකයනුත් බුදුසමය පිළිගැනිමෙන් මේ තත්වය තව දුරටත් ප්‍රකට වේ. නාලන්දා නුවර බුදුන් සංචාරය කළ අතර බිම්සර රජු අභය රජතුමා උපාලි සිටුවැනි ප්‍රධාන පන්තියේ ජෛන භක්තියන් බෞද්ධයන් බවට පැමිණියෝය. පසුව අගනගරයක් බවට පත් පාටලියත් ඒකනාලා තවානුමත අදී බමුණු ගම් රාශියකුත් දක්ෂිණගිරියත් මගධයේ බුදුන්ගේ සංචාරවල ඇතුලත් වූ අතර ඒවායේ උන්වහන්සේගේ ධර්මය තදින්ම මුල් බැස ගත්තේය.


තවත් කොටසකින් හමුවෙමු

යුතුකම වගකීම කොට 1 0 කරමි

1 comment:

  1. There is a theory that Gauthama Buddha was born in Sri Lanka not in India .. all Dathu is also in our temples none in India, what do u think about that

    ReplyDelete