Friday, March 30, 2012

බුද්ධ ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය

බුද්ධ ප්‍රතිමාවක් දෙස බැලූ බැල්මෙන්ම සිතට නැගෙන ශාන්ත සෞන්දර්යය බුදු දහමේ සුගැඹුරු විශිෂ්ටත්වය පිළිබඳ ජීවමාන සංකේතයක් හා සමානය. දෙතිස් මහා පුරෂ ලක්ෂනයෙන් යුතු බුදුන්වහන්සේගේ ශරිර විලාසය මෙන්ම මහාකරුණාවෙන් හා මහා ප්‍රඥ්වෙන් බබළන ඥානගුණ විලාසය කෙසේවත් ප්‍රතිමාවකට නැගිය නොහැකිය යන ගෞරවනීය හැඟිම නිසා මුලදී බුද්ධ රූපය ප්‍රතිමාවකට නොනැඟුණේය. උන්වහන්සේගේ අතල්‍ය ප්‍රඥ්වත් , අසමාන ගුණ සමුදායකත් කලාත්මක හැඟිමෙන් ප්‍රතිනර්මාණය කළ ප්‍රතිමා ශිල්පීන්ගේ කලා ප්‍රතිභාවෙන් බුදුපළීමය අද බුදුන් වහන්සේගේ ජීවමාන සංකේතය ලෙස අපේ නෙතට රසඳුනක්ව පවතී

බුද්ධ චරිතයේ මෙන්ම බුද්ධ ධර්මයේත් මූල ධර්මයන් සහ ගුණංගයන් වන කරුණා මෛත්‍රය ඉවසීම නිහතමානිත්වය අල්පේච්ඡතාව සාධාරණත්වය සහ සමනාත්මතාවය ආදී අනේකවිද ගුණාංගයන් කැටි කළ  බුද්ධ ප්‍රතිමාවට සමාන සංකේතයක් වෙනත් කිසිඳු ආගමික සංකේතයක හෝ කලා නිර්මානයක නැත ඇත්ත වශයෙන්ම පේක්ෂකයාගේ මනනුවන් බැඳ ගන්නා විතරගී ශරිරංගයන්ට වඩා පේක්ෂයා බිය ගන්වන රළුවූත් අද්භූත වූත් ශරිරංග සහ ඉරියව් සහිත හින්දු දේව ප්‍රතිමා හා සසඳන විට බුද්ධ ප්‍රතිමාවේ ඇති අවිහිංසකත්වය මෙන්ම එම අවිහිංසකතවයෙන් මතුවන උදාර පෞරෂය සහවිමුකක්තිය සුඛය අනුරාධපුර සාමධි බුද්ධ ප්‍රතිමාවහන්සේගෙන් මෙන්ම අව්කන සෙල්මුවා මහා ප්‍රතිමා වහන්සේගෙන්ද මැනවින් පිළිබිඹු  වේ. විවිධ ප්‍රතිමා ශිල්පීන් ප්‍රගුණ කළ විවිධ ලක්ෂන විවිධ ප්‍රතිමවලින් දිස් වුවත් පොදුවේ බුද්ධ ප්‍රතිමාවෙන් පිළිබඹු වන නිරයුධ අවිහංසාකත්වය සහ කාමයෙන් වෙන් වූ නිරමිස විතරාගී චරිතය සෑම ප්‍රතිමා  ශිල්පියෙකුලේම බුද්ධ ප්‍රතිමාවල නිරූපණය වේ.

හිංසාකාරි විවිධ ආයුධ අතින් ගත් බියකරු විකාර මුහුණු වලින් බතිමතුන් බියවද්දන වනචාරි යුගේ සටන්ඉරයව් පිළිබඹු කරන සභ්‍යත්වයට පවා පටහැනි ලිංගයන්ගේ රූප සහිත හින්දු දේව රූප සමඟ කෙසේවත් සැසඳිය නොහැකි බෞද්ධ ප්‍රතිමා ක්‍රිස්තියානි ප්‍රතිමා සමඟ වුවත් සැසදෙන්නේ මනුෂ්‍යත්වයනේ මිනිස් රූපයෙන් පමණය. 

ක්‍රිස්තියානි ප්‍රතිමා වල එක් සුවිශේෂ ලක්ෂනයකින් ක්‍රිස්තියානි මූලධර්ම මැනවින් පිළිබිඹු කරයි. එනම් බොහෝ ක්‍රිස්තියානි ප්‍රතිමා අහස දෙසට ඉහළට දෑත ඔසවා සිටින ආයාචනත්මක යාඥා විලාසයයි. බුද්ධ ප්‍රතිමා සිය අභ්‍යන්තරයට අධ්‍යාත්මයට ශරිර ඉරයව් යොමු කරන අතර ක්‍රිස්තියානි ප්‍රතිමා ඉහළ සිටින දෙවියන් වහන්සේට කැපවී ආපෙක්ෂා සහගතව පසුවේ. රැවුල වැඩණු මුහුණින් ඉහළ බලා සිටින යේසුස් වහන්ගේගේ හා ලද බොලඳ මුහුණින්  ඉහළට නෙත් යොමු කරන දේවමැණීයන්ගේ ප්‍රතිමාවන් ලෞකික මිනිස් ප්‍රතිමා වන අතර බුද්ධ ප්‍රතිමවක ඇති චිත්ත සමාධිය සහ අධ්‍යාත්මික පෞර්ෂය ඒවායෙහි දක්නට නැත.

ප්‍රතිමා වන්දනාවක් නැති මුස්ලිම් ආගම අඩසඳ සහ තරුව පමණක් සිය සංකේය කරගනී. හින්දු ආගම ප්‍රතිමා වන්දනාවෙ පමණක් නොව එඬේර යුගයට අයත් සත්ව වන්දනවා ද සහිත ආගමකි. ගවයා නාගය සහ වානරයා පූජනීය හිනදු සත්තුය. මුනිවර තත්වය සභාව විසින් පිළි ගත් සියුලු භක්තිමත් විශිෂ්ට පුද්ගලයන් කතෝලිකයන් විසින් වන්දනා කෙරෙන අතර ක්‍රිස්තියානි නිකාය විසින් යේසුතුමන් පමණක් වන්දනා කෙරේ. කුරුසිය සියිලු ක්‍රිස්තියනින්ගේ එකම සංකේතයයි යේසුස් වහන්ගේ අමරණීය මරණය ඉන් සිහිපත් කෙරේ.

වෘක්ෂ වන්දනවා හින්දූන්ටද අයත් වන අතර බෝධි  වන්දනාව අනුව යූරේපීය සභ්‍යත්වය ඉදිරියෙහි බුදුදහමත් ගස් ගල් වඳින ආදි කල්පිත කැලෑ ආගමක් ලෙස තවමත් පෙනියයි. එහෙත් බෝධි වන්දනාවේ අරමුණ වෘක්ෂයකින් පිහිට ඉල්ලන මානව ශිෂ්ටාචරයේ ආදි ප්‍රාර්ථනය නොවන බවත් බෝධි පූජාවේ අරමුණ බුදුන්වහන්ගේ බුදධත්වයට බෝධිඥානයට උපාහර පිදීම බවත් අබෞද්ධයෝ නොදනිති. මනුෂ්‍ය බුද්ධියෙන් බුද්ධත්වය ලද බුදුන්වහන්සේගේ ශ්‍රේෂ්ටත්වය සහ උත්තරීතර මනුෂ්‍යත්වයම බෝසෙවණින් අරමුණ කෙරේ.

ධර්ම චක්‍රය බුද්ධ ධර්මයේ සුප්‍රකයට සංකේතයයි. චක්‍රය ලෝකයේ ඇති හෙඳම විද්‍යත්මක රූප සටහනයි.සතුන්ගෙත් වැසිසුළං ආදීස්වාභාවික ධර්මතවන්ගෙත් පැවැත්ම විසිතර කෙරෙන්නේ චක්‍රාකාරවය. ඊට හේතුව එවා එකකට එකක් හේතු සාධක වෙමින් නැවත නැවත ක්‍රියාකරවීම ය. සියලු සත්වන්ගේ නැවත නැවත ඉපදීම සහ ජරාමරණ දුක් සියලලම ධර්මයෙහි විස්තර වන්නේද චක්‍රාකාරවය මෙය ඉතා සැකෙවින් කියතොත් සංසාර චක්‍රයයි. බුද්ද ධර්මයට අයත් ධර්ම චක්‍රෙයහි පිළබිඹුවන්නේ සංසාර චක්‍රයයි

අර්ධ කවාකාර ගල්තලයක කැටයම්කළ සඳකඩ පහනින් නිරූපනය වන්නේද ධර්ම චක්‍රයහි ගමන් කිරීමෙන් එතර වන සංසාර චක්‍රය යැයි මහචර්යය පරණවිතනා මහතා ප්‍රකාශ කරති බෞද්ධ ස්තූපයන්ද බුද්ධ ධර්මයෙහි විවධාංග පිළිබඳ සංකේතයක්යැයි විචාකරයේ කියති.

බෞද්ධ කොඩිය මුළු බෞද්ධ ලෝකයම එකතු කරන ජාත්‍යන්තර සංකේතයයි. එයින් පිළබිඹු වන්නේ බුද්ධ ශරියෙන් නිකුත් වූ සවණක් රැස් මාලවයි. බුදු සිරුරින් සවණක් රැස් මුලු ලොවටම පැතිරී ගියේය.

යේසුස් වහන්සේ මිනිසුන් පාලනය කරන දෙවිරජෙකු ලෙස සලකා ඔටුනු පැළඳවිම ක්‍රිසත්යානි සම්ප්‍රදායකි. බුදුන් වහන්සේ ශ්‍රේෂට මනුෂ්‍යකු වශයෙන් සලක තේරවාදී බුදුදහමෙහි උන්වහන්සේ ධර්මරාජයකු ලෙස සලකා ඇතත් මහායන බුදුදහමෙහිමෙන් ඔටුණු පළඳවා රාජ්‍යත්වයට පත්කොට නැත .බුදුන් වහන්සේ උදෙසා බුදුරජානණ්වහන්සේ යනු අත්හළ යුතු යෙදුමකි. බුදුන් වහන්සේ රජෙකු නොවෙති. අද මේ ප්‍රජාන්ත්‍රවාදී සමාජවාදී යුගයෙහිදී බුදුන්වහන්සේට වැඩවසම් ගෞරව උවමනා නැත




2 comments:

  1. The "dharma chakraya" also has a different meaning. Most people think that "dharma chakraya" with 8 spokes correspond to "ata lo dahama" or 8 noble path. But the real one contains 24 spokes and which represents four noble truth.
    NB: just a different meaning though!

    ReplyDelete