Sunday, March 18, 2012

ත්‍රිපිටකය බයිබලය හා සමාන නොවේ

ක්‍රිස්තියානිය හෝ කතෝලික ආගමේ ශුද්ධ ග්‍රන්ථය බයිබලයයි. මුස්ලිම් ආගමේ ශුද්ධ ග්‍රන්ථය කුරානයයි. හින්දු දහමේ ශුද්ධ ග්‍රන්ථය වේදයයි. මේ අනුව බුද්ධ ධර්මය අතුලත් වන ත්‍රිපිටකය කෙනෙකුට අන්‍යාගමික ශුද්ධ ග්‍රන්ථ වැනි මුල් ග්‍රන්ථ යයැ සිතිය හැක. එහෙත් ත්‍රිපිටකය ශුද්ධ ලියවිල්ලක් හා සමාන නොවේ. ලෝකයේ ප්‍රධාන ආගම්  සියල්ලම ඒවායෙහි කියැවෙන දෙවියන් සහ මැවිම මිනිසුන්ට අනාවරණය කරන්නේ දේව වාක්‍ය ලියැවි ඇති ශුද්ධ ලියවිලිවලිනි. ශුද්ධ ලියවිලිවල ඉගැන්වෙන සියල්ල පරම සත්‍යයයි. එම නිසා ඒවා සැක නොකළ යුතුය. ප්‍රශ්ණ නොකළ යුතුය. දේව වාක්‍ය සත්‍යය වන්නා සේම ඒවායෙහි දිව්‍යමය ස්වාභාවය නිසා පූජනීයත්වයෙන් පරිශුද්ධ භාවයට පත්ව තිබේ. එහෙත් බුද්ධ භාෂිතය ඇතුළත් ත්‍රිපිටකය එලෙසම පිළිගත යුතු හෝ ප්‍රශ්න නොකළ යුතු ආගමික ශ්‍රෑතියක් නොවේ.

සත්‍යාවබෝධය තමාම ප්‍රත්‍යක්ෂ කිරීමෙන් විනා අන්කිසිවෙකුගෙන් ලද හැකි වරප්‍රසාදයක් නොවන හෙයින් බුද්ධිමය නිදහස හෙවත් සිතිමේ සහ විමසීමේ නිදහස බෞද්ධයන් ගේ සහජ උරමයකි. ධර්මය නැණ වතුන්ට මිස මෝඩයන්ට නොවේ. ත්‍රිපිටකයෙහි සඳහන් වන නිසා හෝ බුදුන්වහන්නේ වදාළ නිසා හෝ කිසිවක් නොසිතා නොවිමසා පිළීනොගත යුතුය. නිදහස් චින්තකයෙකු විසින් පළමුවෙන්ම නිදහස් විය යුතතේ ශුද්ධ ලියවිලි වලින් බව බුදුන් වහන්සේ කාළාම සූත්‍ර යේහි වදාළහ. පළමුව ශුද්ධ ලියවිලි වලින් මෙන්ම දෙවනුව පරම්පාරවෙන් පැවත ගෙන එන නිසා හෝ තෙවනුව මෙසේ විය හැකිය යන අනුමානය නිසා හෝ සිව්වෙනුව පොතපතෙහි හෝ යම් සම්ප්‍රදායක අතුළත්ව නිසා හෝ පස්වුනව තර්කානුකූල නිසා හෝ හයවෙනුව න්‍යායනුකූලව හෝ හත්වෙනුව කරුණු නිවැරදි නිසා හෝ අටවෙනුව පිළිගත් අදහස්වලට ගැළපෙන නිසා හෝ නව වෙනුව කියන පුද්ගලයා හොඳ නිසා හෝ දහවෙනුව මේ මාගේ ගුරුවරයා යැයි ගුරු ගෞර්වයෙන් හෝ තමාට අවෙබෝධ නොවු කිසිවක් කිසිසේත්ම නොපිළිගත යුතු බව බුදුන්වහන්සේ කාලම සූත්‍ර යේදි විස්තර කරති. බයිබලය හෝ කුරානය හෝ වේදය හෝ පරපුරෙන් පරපුරට බාර ගත්තා විනා තමන් නිසැක ලෙස නොදත් අන්ධ විශ්වාසයකි. ත්‍රිපිටකයෙහි අඩංගු වන්නේ මෙවැනි අන්ධ විශ්වාසයෙන් නොවේ. එහි අඩංගු වන්නේ නොයෙක් ආකාරයෙන් බුදුන්වහන්සේ විසින් දේශිත සහ අසන්නන් විසින් නිදහසේ සිතාමාතා විමසා බලා කැමති නම් පමණක් පිළීගත යුතු බුද්ධභාෂිතයයි. බුද්ධ දේශනාවයි. එම ධර්මය ස්වක්ඛාතය හෙවත් මුල මැද අග හොඳින් ගැළපෙන දේශනාවකි. එය අනුගමනයෙන් මෙලොවදීම ප්‍ර යෝජන ලැබය හැකිය. ධර්මය සත්‍යය බැවින් කාලයෙන් පරණ නොවේ. හැම විටම හැම කලටම සුදුසුය. එසේම එය නිර්දේශ කරන්නේ එයම පිළිගත යුතු බව නොවේ. එය විමසා බලන ලෙසය. විමසා බලා හරි නම් එයඅනුගමනය කරන ලෙසද අනුගමනය කොට සත්‍ය ප්‍රත්‍යක්ස කර ගන්නා ලෙසය.

බයිබලයෙහි හෝ කුරානයෙහි හෝ වේදයෙහි හෝ කියැවෙන්නේ පරපුරෙන් පරපුරට ඒ ඒ ගෝත්‍රික ජනතාව අතරේ ඔවුන්නොවුන් විශ්වාස කළ පරිදි ලෝකෝප්පත්ති කතාවේ පටන් පැවත ආ ගෝත්‍රික ඉතිහාසයයි. ශුද්ධ ලියවිලි වල අඩංගු මේ ඉතිහාසයෙන් අනාවරණය වන්නේ ඒ ඒ ආදී ගෝත්‍රික ජාතික ආගම හෙවත් විශ්වාසයයි. එහෙත් ත්‍රිපිටකයෙහි ඇතැම් පසුකාලීනව එකතු වූ කොටස්වල හැරුණු විට බෙහෙවින් අඩංගු වන්නේ බුදුන්වහන්සේගේ හරවත් දේශනා සමූහයයි. මුද්‍රීත බයිබලය මෙන් සිය ගුණයක් සුවිශාල ත්‍රිපිටකය වටිනා දැනුම් සාගරයකි.


විනය, සුත්‍ර සහ අභිධර්මය යනුවෙන් එය පිටක තුනකි. 
  1. විනය පිටකය - භික්ෂූ භික්ෂුණීන් සඳහා පැණවු නිති රිති ඇතුළත් දේශනයයි. 
  2. සූත්‍ර පිටකය -  සිද්ධි හෝ ප්‍රශ්න අනුව සමාජ සම්මතය නොඉක්මවා සිය විග්‍රහය දේශනයයි
  3. අභිධර්මය - සත්‍ය පිළිබඳ දේශනයයි

ත්‍රිපිටකය හෝ එහි කොටසක් හෝ බයිබලයක් හෝ කුරාණයක් හෝ වේදයක් හෝ නොවේ. සමාන කොට ඇති සදාචාර දේශානා අතින් වුවත් ධම්මපදය වැනි එක් ත්‍රිපිටක කොටසක දේශනා ඇතැම් අන්‍ය ශාස්තෘවරයෙකුගේ කුඩා වාක්‍ය දේශනා වලට වඩා අතිශය ව්‍යක්තය, ප්‍රබලය , රසවත්ය.

බයිබලයෙහි හෝ කුරානයෙහි හෝ වේදයෙහි හෝ නම්ගම් සහ සිදුවිම් වෙනස් වුවත් ඒවායින් කියැවෙන්නේ ලෝකය සහ මිනිසා මැවිමේ එකම කතාවය. මෙයින් එක් වෘතාන්තයක් සත්‍ය නම් ඉතිරි වෘත්තන්ත අසත්‍යයයි. ඉතිරි වෘත්තාන්ත සත්‍ය නම් අනෙක් සියල්ලම අසත්‍යයයි. පොදුවේ මේවා විමසා බලන විට එළඹිය හැකි පැහැදිලි නිගමනය නම් මේවා ශිෂ්ටාචාරයත් සමඟ ඒ ඒ ගෝත්‍රික ජනයා තමන් හෑම බලවත් ඒකීය දෙවියෙකු විසින් මවා ආරක්ෂා කෙරේ යැයි තමන්ට නොතේරෙන ස්වභාව ධර්මය සහ සත්ව සන්නතිය විස්තර කිරීම සඳහා ස්වේච්චාවෙන්ම දෙවියින් මවා ගත් ආකාරයයි. වෙනත් වචන වලින් කියතොත් සියලුම ආන්‍යාගමික මැවුම් වෘත්තාන්ත වල හරය නම් ලෝකය සහ මිනිස්සු දෙවියන් විසින් මැවීම නොව මිනිසුන් විසින් දෙවියයෝ මවා ගැනිමයි.

 මානව ශිෂ්ටාචාරයටත් ප්‍රථම සංචාරක ගෝත්‍ර වශයෙන් මිනිසුන් ජීවත් වූ ඈත අතීතයේදි සත්‍ය වශයෙන් සිදු වූ ලෙස විශ්වාස කළ මානක්කල්පිත වෘත්තාන්ත යන්ගෙන් සමන්විත ශුද්ධ ලියවිලි වල එන ලෝකය සහ මිනිසා මැවීමේ ලෝකෝප්පත්ති කතාව එහෙම පිටින්ම මිත්ත්‍ය කථා මිසි කිසිම සාධකයක් ඇති ඒවා නොවේ. එහෙත් පසුව එකතු වූ බව පෙනෙන ඇතුම් පසුකාලින දේශනා ඉවත් කළ විට චතුරාර්ය සත්‍ය , ප්‍රතිථ්‍ය සමුත්පාදය , ත්‍රිලක්ෂණය , කර්මඵල  වාදය, සතිස් බෝධි පාක්ෂික ධර්ම ආදී බුදු දහමේ සියලු මූලධර්ම විස්තර වන ත්‍රිපිටකය අර්ථවත් ග්‍රන්ථ සමූහයකි. එයද ඒ සියල්ල ත්‍රිපිටකයෙහි එන නිසාම අපි විසින් පිළිගත යුතු නොවේ. විමසිලිමත් ලෙස සිතා මතා හරි යැයි හැඟේ නම් පමණක් සිළිගත යුතු ඒවා ය.

අවබෝධයෙන් තොරව පිළිගත යුතු මොනම ධර්මයක් වත් බුද්ධ දේශනාවල අඩංගු නොවේ. කැමැත්ත අනුව පිළිගැනිමේ නිදහස නිර්දේශිත බුදු දහමේ අවධාරණය කළ යුතු කරුණ වන්නේ කැමැත්ත අනුව අවබෝධය අනුව පිළිගැනිමේ නිදහස සමඟම ඇති විරුද්ධවිමේ විමර්ශනය කිරිමේ සම්පූර්ණ නිදහස ප්‍රදානය කොට තිබිමයි. එහෙත් ශුද්ධ ලියවිලි වල එකම දෙවියන් වහන්සේ හැර ඉතිරි අන්‍යාගමික මතයන් මිත්‍යාවන් බැවින් ඒවා සියල්ල විනාශ කළ යුතු යැයි අවධාරණයෙන් කියා තිබේ. ඇතැම් ශුද්ධ ලියවලි වලින් මෙවැනි ජේද දැන් ඉවත් කොට හමාරය

යුතුකම වගකීම කොට 1 0 කරමි


4 comments:

  1. කවර ත්‍රිපිටකය ගැනද ඔබ කියන්නේ?
    කොරියාවේ ත්‍රිපිටකය එකකි.වෙනස්ය
    ටිබෙටයේ ත්‍රිපිටකය තව එකකි.වෙනස්ය.
    චීනයේ ත්‍රිපිටකය තව එකකි.වෙනස්ය.
    භූටානයේ ත්‍රිපිටකය වෙන එකකි.
    දැන් ඔබ කියන නිවැරදි ත්‍රිපිටකය වන්නේ කොයි රටේ ත්‍රිපිටකයද?
    බුද්ධාගමේ ආරම්භය සිදුවූයේ ඉන්දියාවේය. නුමුත් ග්‍රන්ථාරූඪ කරන ලද්දේ ලංකාවේය.ආගමීක කතුවරයා හා පොත ලිවීම අතර කාල පරතරය කොතෙක්ද?
    ත්‍රිපිටකයට අන්තර්ගත්වී ඇත්තේ හින්දු ආගමීක විශ්වාසයන්ය.

    ReplyDelete
    Replies
    1. oba anda bhakthiayeki. obata heki nam tripitakaye yam thanak penwannna. hindu agamika wiswasayan piligath bawata. heki nam oba mulinma baudhdha sasana ithihasaya oilibadawa igena gannna. ewita obatama wetahewi tripitakaya kese liyawee athda yana waga

      Delete
    2. oba anda bhakthiayeki. obata heki nam tripitakaye yam thanak penwannna. hindu agamika wiswasayan piligath bawata. heki nam oba mulinma baudhdha sasana ithihasaya oilibadawa igena gannna. ewita obatama wetahewi tripitakaya kese liyawee athda yana waga

      Delete